ශ්රී ලංකා A ක්රිකට් කණ්ඩායම සහ පාකිස්තාන A ක්රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවැති තරගයේ දී සත්කාරක පාකිස්තාන A ක්රීඩකයන් ලකුණු 108ක පහසු ජයග්රහණයක් ලබා ගත්තා.
රවල්පින්ඩ් හි ක්රිකට් ක්රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ ජයග්රහණයත් සමඟින් ඔවුන් තරග 1-0ක් ලෙසින් ඉදිරියට පැමිණීමට ද සමත් වුනා.
තරගයේ කාසියේ වාසිය ජයග්රහණය කළ ශ්රී ලංකා නායක නුවනිඳු ප්රනාන්දුගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන A කණ්ඩායම කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 306ක් ලබා ගත්තා
ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා A ක්රීඩකයන් සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 198ක් පමණයි.
පකිස්ථානය වෙනුවෙන් වෙනුවෙන් හෙයිඩර් අලි තම පළමු පෙළ එක්දින මංගල ශතකය වාර්තා කිරීමට අද සමත් වුනා. ඔහු පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 108ක් ලබා ගත්තා.
අබ්දුල් සමාඩ් පන්දු 63කට මුහුණ දෙමින් ලකුණු 56ක් රැස් කළා
පන්දු යැවීමේ දී ඒශාන් මාලිංග ලකුණු 61කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව චමිඳු වික්රමසිංහ සහ ඩිල්ශාන් මධුශංක කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා. ශ්රී ලංකා ඉනිමේ සාර්ථක ම ලකුණුලාභියා වූයේ පසු පෙළින් පිටියට පිවිසි චමිඳු වික්රමසිංහ. ඔහු පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තා.