
ප්‍රාදේශීය පරිපාලන ඒකක සංවර්ධන ඒකක බවට පරිවර්තනය කිරීමේ සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ප්‍රාදේශීය වශයෙන් සමාජ සහ ආර්ථික දියුණුව ළඟා කර ගැනීමේ අරමුණින් යුතුවයි. දැනට ක්‍රියාත්මක පරිපාලන ක්‍රමයට දශක ගණනාවක් ගතව තිබුණ ද ජනතාවගේ බොහෝ ගැටලුවලට විසඳුම් ලැබී නොමැති බව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබුවා. එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ සංශෝධන කරමින්, පවතින ක්‍රමයම ඉදිරියට පවත්වාගෙන යා හැකි වුවද රටේ ජනතාවගේ අපේක්ෂාව සමස්ත පරිවර්තනයක් බවයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට එක් වෙමින්.
එම සාකච්චාව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුනා.














