මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුරය සහ වවුනියාව දිස්ත්‍රික්කවත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අළුයම් කාලය්දී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට ජනතාව අවශ්‍ය පියවර ගන්නා ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ අනාවැකියද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
වැසි තත්ත්වය
කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමලය, මඩකලුව සහ හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබබෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සුළඟ
සුළං ගිනිකොණ දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමිටර් 20ක් 30ක් පමණ වේ.
මුහුදේ ස්වභාවය
දිවයින වටා වන මුහුදු ප්‍රද්ශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රු විය හැක.














