
නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනෙක් පමුණුගම සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පමුණුගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ(05) සවස් කාලයේ ජාඇළ, මඩමවත්ත ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 84ක් අඩංගු බෝතල් 113ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 44ක් වන ඒකල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර ඊයේ(05) දහවල් අවිස්සාවේල්ල, කුඩගම ප්‍රදේශයේදී අවිස්සාවේල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමකදී නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලීටර් 1065ක් අඩංගුවට බැරල් හයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 36ක් පමණ වන කුඩගම, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
අවිස්සාවේල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














