
නීති විරෝධී මත්පැන් ලීටර් 187 ක් සහ ගෝඩා ලීටර් 7560ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට තිබෙනවා. වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් කුලියාපිටිය පොලිස් වසමේ මාදරවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවට පත් සැකකරු මුරුතැන්ගේ ප්‍රදේශයේ පදිංචි 30 හවිරිදි පුද්ගලයෙක් බව සඳහන්.














