Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නිදහස් සෞඛ්‍ය කියන්නේ ඉස්පිරිතාලේ තුන්ඩු අරන් ෆාමසියෙන් බෙහෙත් ගන්න එක නෙවෙයි

    නිදහස් සෞඛ්‍ය කියන්නේ ඉස්පිරිතාලේ තුන්ඩු අරන් ෆාමසියෙන් බෙහෙත් ගන්න එක නෙවෙයි

    2025-07-07කියවීමට මිනිත්තු 3ක් ගතවේ.62 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රටේ සුබ සාධන රාජ්‍යයේ වැදගත් අංගයක් වන සෞඛ්‍ය පද්ධතියේ බරපතල කඩා වැටීමක් ඇති බවත් ජාතික රෝහලේ ඇති එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍ර 4න් 3ක් ක්‍රියාවිරහිත වී ඇති බවත් හෘද රෝගින්ට රෝහල් තුළින් දෙන සේවාවට අමතරව ඖෂධ සහ අනෙකුත් ද්‍රව්‍ය ලබා ගන්න ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් වියදම් කරන්න සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    එසේම ප්‍රතිජීවක, නිර්වින්දන, වේදනානාශක ඖෂධවල ද බරපතල හිඟයක් ඇති බවත් පෞද්ගලික ඔසුසල්වල පවා මේ ඖෂධ හිගය වැඩි ව ඇති බවත් අප රටට ලැබූ උසස් දායාදයක් වන නිදහස් සෞඛ්‍ය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පිළියන්දල මාකන්දන සංකල්ප විහාරාධිපති කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද මා හිමියන් වෙත කොළඹ සහිත සල්පිටි කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීමෙන් අනතුරුව උන්වහන්නේ පිළිගැනීම වෙනුවෙන් පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයේ පැවැති උත්සවයක් අමතමිනි.

    ගිලන් වූ රෝගීන්ට කලට වේලාවට සේවාවක් ඉටු විය යුතු බවත් නිදහස් සෞඛ්‍ය යනු රජයේ රෝහලෙන් තුන්ඩු අරගෙන පෞද්ගලික බෙහෙත් ශාලාවෙන් බෙහෙත් ගැනීම නොවන නිසා මේ නිදහස් සෞඛ්‍ය අනිවාර්යෙන්ම රැකගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    බුද්ධිගලනය නැවතත් වැඩි වෙලා

    මෑතකදී තරුණ හා මැදිවයස් අයගේ මරණ ප්‍රමාණය 25%කින් වැඩිව ඇති බවත් බෝ නොවන රෝග එයට හේතු වී ඇති නිසා ජීවන රටාවන් සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් වෙනුවෙන් හැඩ ගැස්විය යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    රට ගොඩනගන්න නම් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් අවශ්‍ය බවත් ඔවුන් රට ආරක්ෂා කර රට සංවර්ධනය කර නිෂ්පාදන ධාරිතාව වැඩි කළත් මේ මොහොත වන විටත් බුද්ධිගලනය වැඩි බවත් උගතුන් බුද්ධිමතුන් රට අතහැර යන බවත් මිනිමරු සංස්කෘතිය රට වෙලාගෙන ඇති බවත් නාදුනන තුවක්කුකරුවන්ගේ ග්‍රහණයට ලක් වූ සමාජයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියා.

    ආශ්‍රීත පුවත්:  ඡන්දෙට කලින් දීපු ටෝක් ගැන සජිත් අහයි
    මේ ඝාතන සංස්කෘතියට තිත තැබිය යුතුයි

    මේ ඝාතන සංස්කෘතිය වර්ධනය වන නිසා මේ සාහසික මිනිමරු, පාතාල කල්ලි, මත්ද්‍රව්‍ය කල්ලි මැඩ පවත්වා මිනිසා ජීවත් කරවන රටත් සමාජයක් බිහි කිරිමට ශක්තිමත් නීතිය හා ආරක්ෂක පද්ධතියක් ඇති කර ජාතික ආරක්ෂාව වන මහජන ආරක්ෂාව තහවුරු කිරීම රාජ්‍ය, රාජ්‍ය නොවන සිවිල් සියලු දෙනාගේම වගකීම බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

    පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද මා හිමියන්ගේ චරිතයෙන් ගත හැකි පාඩම් බොහෝයි

    දහම් අධ්‍යාපනය ඇති කර සමාජයේ පුරවැසියන් යහපත් දිවි මගකට යොමු කරන්නට විශාල වැඩකොටසක් ඉටු කළ බවත් උන්වහන්සේ සහ තමා අතර සමීපතම සම්බන්ධතාව ඇති වූයේ නිවාස හා ඉදිකිරීම්, සමෘද්ධි, සංස්කෘතික අමාත්‍යාංශයේ තනතුරු රැසක් හොබවමින් අතිවිශාල ආගමික, සමාජ මෙහෙවරක උන්වහන්සේ නිරත වූ බවත් උන්වහන්සේ තුළ විශිෂ්ට යහපත් ගුණාංග පැවැති බවත් ඒ අතර කෙළෙහිගුණ දැක්වීම, සෘජු හා සත්‍යවාදීම අදහස් ඉදිරිපත් කිරීම දැක්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    ආශ්‍රීත පුවත්:  විපක්ෂයේ එක්වීමකට සජිත්ගෙන් ආරාධනා

    උන්වහන්සේ සෑම විටම සෑම මොහොතකම ජන මතයට සංවේදීව ජනතාවට හිතෛශීව ජනතාව පෙරටු කර ගෙන ජනතාව කේන්ද්‍ර කර ගෙන අතිමහත් සමාජ සේවාවක් ඉටු කරන්නට කටයුතු කළ බවත් නිවාස ඇමතිවරයා ලෙස තමා කටයුතු කළ කාලයේ දී මාකන්දන බලප්‍රදේශයේ එකවර නිවාස 500ක් ප්‍රතිසංස්කරණය කර අංග සම්පූර්ණ නිවාස බවට පත් කර උදාකළ ගමක් බවට ගොඩනගන්නට උන්වහන්සේ නායකත්වය ලබා දුන් බවත් සිසු දහම් සෙවන දහම් පාසල් ශාලා වැඩසටහන මුළු රට පුරාවටම ක්‍රියාත්මක කිරීමේ නායකත්වය පවා ගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    මිනිසා ජීවත් කරවීම මිනිසාගේ පරම යුතුකමයි

    හොද දේ හොද හැටියටත් නරක දේ නරක හැටියටත් දකින්න සැමටම හැකියාවක් අවබෝධයක් තිබිය යුතු බවත් ධම්මපදයට අනුව සරු දේ නිසරු හැටියටත් නිසරු දේ සරු හැටියටත් දකින කිසිම අයකුට සරු දෙයක් ඉටු කර ගන්න නොහැකි බවත් එම නිසා අද වැනි යුගයක අප රට අභියෝග රැසකට මුහුණ දෙන මොහොතක උග්ගොඩ ධම්මින්ද මා හිමියන්ගේ ආගමික සමාජ සේවාවේ ගැබ්වූ ප්‍රතිපත්ති වැදගත් බවත් මිනිසා ජීවත් කරවීම මිනිසාගේ පරම යුතුකම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    සජිත්
    පෙර පුව​තකොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
    ඊළඟ පුව​ත හිටපු ඇමති දුමින්ද ආයෙමත් බන්ධනාගාරයට

    සබැ​ඳි පුවත්

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group