76 වන නිදහස් දින සැමරුම සදහා වන පෙරහුරු පැවැත්වෙන දිනය සංශෝධනය කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසුවේ අද පැවැත්වීමට නියමිතව තිබු නිදහස් දින සැමරුමේ පෙරහුරු කටයුතු හෙට ආරම්භ වන බවයි.
කොළඹ ගාලු මුවදොර දියි මෙවර 76 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ.
ඒ අනුව එහි පෙරහුරු කටයුතු හෙට සිට පෙබරවාරි 03 වනදා දක්වා පැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.
අදාළ කාල සීමාව තුළ කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්ම කිරිමට සැලසුම් කර තිබෙනවා.