ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාපතනය හමුවේ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් යාවාත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනට පස්වරු අද පස්වරු 02.30 දක්වා බලපැවැත්වෙන බවයි.
ඒ අනුව, බදුල්ල, කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
අදාළ ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවිය යුතු බව ද එම සංවිධානය සඳහන් කරනවා.
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට













