Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    2026-08-20

    යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

    2026-08-20

    පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි
    • යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා
    • පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට
    • රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට
    • දිවයින පුරා සෞඛය පරීක්ෂකවරු ඩෙංගු මර්දන රාජකාරියෙන් ඉවත්වෙයි
    • කඩුවෙළ වාහන කාර්මාන්ත ශාලාවකට වාරණයක්
    • ප්‍රදේශ කිහිපයකට පස්වරුවේදී ගිඟුරුම් සහිත වැසි
    • ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් අද සිට ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්

    නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්

    2026-02-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.102 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට නවසීලන්තය සමත් වුණා.

    ඒ අෆ්ගනිස්ථානය සමග පැවැති තරගයෙන් ලකුණු 183ක් ලබාගනිමින්.

    තරගයේ කාසිය වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

    ඒ අනුව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබාගැනීමට සමත් වූවා.

    Gulbadin Naib ලකුණු 63ක් ලබාගැනීමට සමත් වූ අතර Sediqullah Atal ලකුණු 29ක්ද Rahmanullah Gurbaz ලකුණු 27ක්ද ලබාගැනීමට සමත් වූවා.

    Darwish Rasooli ට ලබාගත හැකි වූයේ ලකුණු 20ක් පමණයි.

    සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව කරා ළඟාවීමට නොහැකි වූවා.

    පන්දු යැවීමේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Lockie Ferguson කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූවා.

    Matt Henry, Matt Henry සහ Rachin Ravindra කඩුලු එක බැගින් දවා ගැනීමට සමත් වූවා.

    ලකුණු 183 ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 07ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 66ක් ලබා සිටිනවා.

    නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දුන් Tim Seifert ලකුණු 65ක් ලබාගත්තා.

    එසේම Glenn Phillips ලකුණු 42ක් ලබාගැනීමට සමත් වූවා.

    Mark Chapman ලකුණු 28ක් ලබාගත් අතර නොදැවී පන්දුවට පහර දුන් Daryl Mitchell ලකුණු 25ක් ලබාගැනීමට සමත් වූවා.

    නොදැවී පන්දුවට පහර දුන් Mitchell Santner ලකුණු 17ක් ලබාගත්තා.

    පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Mujeeb Ur RAHMAN කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූවා.

    එසේම Azmatullah Omarzai, Rashid Khan සහ Mohammad Nabi එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    ඒ අනුව පන්දුවාර 17.5කදී කඩුලු පහක් පමණක් දැවී ලකුණු 183ක් ලබාගැනීමට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා.

    නවසීලන්ත කණ්ඩායමේ Tim Seifert තරගයේ වීරයා බවට පත්වූවා.

    තරගය ඉන්දියාවේ චෙන්නායිහිදී පැවැත්වුණා.

    ආශ්‍රීත පුවත්:  ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
    T20 world cup 2026
    පෙර පුව​තකාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි
    ඊළඟ පුව​ත කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    සබැ​ඳි පුවත්

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

    පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

    රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

    දිවයින පුරා සෞඛය පරීක්ෂකවරු ඩෙංගු මර්දන රාජකාරියෙන් ඉවත්වෙයි

    කඩුවෙළ වාහන කාර්මාන්ත ශාලාවකට වාරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    2026-08-20

    යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

    2026-08-20

    පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-20

    රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-20
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group