නවක හෙද හෙදියන් 294 දෙනෙකු සෞඛ්‍ය සේවාවට ඇතුලත් කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් .
කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ පළමු මහලේ ශ්‍රවණාගාරයේ දී මෙම වැඩසටහන පැවැත්වෙනු ඇති.
එමෙන්ම වාග් චිකිත්සක නිලධාරීන් 9 දෙනෙකු සහ ඖෂධවේදීන් 6 දෙනෙකු ද සෞඛ්‍ය සේවවාට ඇතුලත් කර ගැනීමේ පත්වීම් ලිපි ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහි දී ප්‍රදානය කිරීමට නියමිතයි.
තුන්වන ශේණියේ හෙද නිලධාරීන් ලෙස පත්වීම් ලබන මෙම නවක හෙද නිලධාරීන් 2019 සිසු හෙද කණ්ඩායම යටතේ තුන් අවුරුදු හෙද පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසු හෙද හෙදියන්.
ඖෂධවේදීන් ලෙස පත්වීම් ලබන මෙම නිලධාරීන් වසර දෙකක ඖෂධවේදී ඩිප්ලෝමාව සාර්ථකව නිමකරන ලද හා අවශ්‍යවන අනෙකුත් සියළු සුදුසුකම් සම්පූර්ණ කරන ලද නිලධාරීන්ද වනවා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














