දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසල දී අද උදෑසන පුද්ගලයෙකුට වෙඩි තැබීමට ගත් උත්සහයක් ව්‍යාර්ථ වී තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ක්‍රීඩාංගණය අසල සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තැබීමට උත්සහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් වෙඩික්කරුගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම උත්සහය ව්‍යාර්ථ වී තිබෙනවා.
පසුව යතුරුපැදිකරු පලාගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.
සෞඛ්‍ය පරිපාලන නිළධාරියෙකු මෙම වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වී තිබෙනවා.
ඔහු දෙහිවල පොලිස් ස්ථානය වෙත ගොස් සිද්ධිය පිළිබඳ පැමිණිලි කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
උණුසුම් පුවත්
- අමෙරිකාවට සහ කැනඩාවට මහ ගංවතුර
- ප්‍රදේශ රැසකට අකුණු සම්බන්ධයෙන් නිවේදනයක්
- ශ්‍රී ලංකා නිදහස් පක්ශයෙන් විශේෂ නිවේදනයක්
- ආපදා හේතුවෙන් වැඩිම කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට වැඩිම බලපෑමක්
- ආපදා හේතුවෙන් විනාශ වූ නිවාස සම්බන්ධයෙන් අණාවරණයක්
- අතුරුදන් වූ පුද්ගලයනගේ මරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමට පියවර
- මෙරට සමස්ත භූමියෙන් සියයට 30%ක් නායයාමේ අවධානමක පවතින බවට අණාවරණයක්
- පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට













