දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසල දී අද උදෑසන පුද්ගලයෙකුට වෙඩි තැබීමට ගත් උත්සහයක් ව්‍යාර්ථ වී තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ක්‍රීඩාංගණය අසල සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තැබීමට උත්සහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් වෙඩික්කරුගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම උත්සහය ව්‍යාර්ථ වී තිබෙනවා.
පසුව යතුරුපැදිකරු පලාගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.
සෞඛ්‍ය පරිපාලන නිළධාරියෙකු මෙම වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වී තිබෙනවා.
ඔහු දෙහිවල පොලිස් ස්ථානය වෙත ගොස් සිද්ධිය පිළිබඳ පැමිණිලි කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
උණුසුම් පුවත්
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
- පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ














