
දිවයින පුරා සියලු ග්‍රාම නිලධාරින් හෙට සහ අනිද්දා යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කර රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි ජාතික සංගමය පවසන්නේ ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.














