පාලක කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ සහ කොරියානු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලී ජේ-මියුන්ග් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා ලෙස තරග වදින දකුණු කොරියානු ජනාධිපතිවරණය අද (03) ආරම්භ වුණා
එරට මීළඟ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න තෝරාගැනීම සඳහා සිදුකරන මෙම ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 14,295 කදී පැවැත්වෙනවා.
දේශීය වේලාවෙන් රාත්‍රී 20:00ට (GMT 11:00) මෙම ඡන්ද විමසීම අවසන් වන අතර, පැය කිහිපයක් ඇතුළත ප්‍රතිඵල අපේක්ෂා කෙරෙනවා.
අසාර්ථක වූ යුද නීති යෝජනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති යූන් සුක් යෙඕල්ට එරෙහිව ඉදිරිපත් කරන ලද දෝෂාභියෝගය හේතුවෙන් එරට හදිසි ජනාධිපතිවරණයක් නිවේදනය කළ අතර මේ වනවිට මිලියන සංඛ්‍යාත දකුණු කොරියානුවන් ඡන්දය ප්‍රකාශ කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.