බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව ආසන්නයට පැමිණීමට දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් සමත් වී තිබෙනවා. කෙසේ වෙතත් සිය ලකුණු 367 දී ඉනිම අත්හිටුවීමට ඔහු තීරණය කිරීම හේතුවෙන් ලාරාගේ වාර්තාව තවදුරටත් සුරැකිව පවතිනවා. සිම්බාබ්වේ හි බුලවායෝ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දකුණු අප්‍රිකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරගය පෙරේදා ආරම්භ වූ අතර පළමු දිනය නිමා වන විට දකුණු අප්‍රිකාව කඩුළු 4 ක් දැවී ලකුණු 465 ක් ලබා සිටියා. දකුණු අප්‍රිකානු ඉනිම ඔසවා තැබූ නායක වියාන් මුල්ඩර් පෙරේදා දිනයේදී ලකුණු 247 ක් ලබා සිටියදී ටනාකා චිවන්ගා යැවූ පන්දුවක් හමුවේ දැවී ගියා. නමුත් පසුව එය නිපන්දුවක් ලෙස සංඤා කිරීමත් සමග ඔහුට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව හිමි වුණා.
ඒ අවසරයෙන් ඔහු ඊයේ දිනයේ දිවා භෝජනයට තරගය නතර කරන විට නොදැවී ලකුණු 367 ක් රැස් කරගෙන සිටියා. බ්‍රයන් ලාරාගේ ලෝක වාර්තාවට ලකුණු 33 ක් පිටුපසින් ඔහු සිටීම විශේෂත්වයක්. කෙසේ වෙතත් සියලු දෙනා විමතියට පත් කරවමින් නායක වියාන් මුල්ඩර් එම අවස්ථාවේ දකුණු අප්‍රිකා පළමු ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ. ඒ වන විට දකුණු අප්‍රිකාව කඩුළු 5 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 626 ක්.
උණුසුම් පුවත්
- මාලදිවයින් පාපන්දු කණ්ඩායම ශ්‍රී ලංකාවට ?
- අපි රට ගොඩ දානවා චතුරංග සහතික වෙයි – VEDIO –
- කාම්බෝජයට තායිලන්තයෙන් දැඩි චෝදනාවක් !
- යෞවන සමාජ අල්ලන්න ආණ්ඩු කරන වැඩේ දිලුම් කියයි – VEDIO –
- වර්ජන නෑ ! දුම්රිය රියදුරන් සුපුරුදු පරිදි සේවයට – VEDIO –
- චීනයේ දරු ප්‍රසූතිය දිරි ගැන්වීමේ අරමුණින් අලුත් වැඩසටහනක්
- ඉන්දියාවේ බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙකට ගැටෙයි
- ජපානයේ රැකියා සඳහා යොමුවන්නන්ගේ ගුණාත්මකභාවය ඉහළ නංවන්න පියවර