බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව ආසන්නයට පැමිණීමට දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් සමත් වී තිබෙනවා. කෙසේ වෙතත් සිය ලකුණු 367 දී ඉනිම අත්හිටුවීමට ඔහු තීරණය කිරීම හේතුවෙන් ලාරාගේ වාර්තාව තවදුරටත් සුරැකිව පවතිනවා. සිම්බාබ්වේ හි බුලවායෝ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දකුණු අප්‍රිකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරගය පෙරේදා ආරම්භ වූ අතර පළමු දිනය නිමා වන විට දකුණු අප්‍රිකාව කඩුළු 4 ක් දැවී ලකුණු 465 ක් ලබා සිටියා. දකුණු අප්‍රිකානු ඉනිම ඔසවා තැබූ නායක වියාන් මුල්ඩර් පෙරේදා දිනයේදී ලකුණු 247 ක් ලබා සිටියදී ටනාකා චිවන්ගා යැවූ පන්දුවක් හමුවේ දැවී ගියා. නමුත් පසුව එය නිපන්දුවක් ලෙස සංඤා කිරීමත් සමග ඔහුට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව හිමි වුණා.
ඒ අවසරයෙන් ඔහු ඊයේ දිනයේ දිවා භෝජනයට තරගය නතර කරන විට නොදැවී ලකුණු 367 ක් රැස් කරගෙන සිටියා. බ්‍රයන් ලාරාගේ ලෝක වාර්තාවට ලකුණු 33 ක් පිටුපසින් ඔහු සිටීම විශේෂත්වයක්. කෙසේ වෙතත් සියලු දෙනා විමතියට පත් කරවමින් නායක වියාන් මුල්ඩර් එම අවස්ථාවේ දකුණු අප්‍රිකා පළමු ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ. ඒ වන විට දකුණු අප්‍රිකාව කඩුළු 5 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 626 ක්.
උණුසුම් පුවත්
- වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
- අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
- ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
- උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
- නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
- මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
- පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට













