
අනුරාධපුරය, තිරප්පනේ, ගල්කුලම ප්‍රදේශයේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. එහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා අනුරාධපුරය රෝහලට ඇතුළත් කෙරුණා. මෙලෙස තුවාල ලබා ඇත්තේ විසි අට හැවිරිදි මිහින්තලය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බව පොලීසිය සඳහන් කළා. කෙසේ වෙතත් කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදුකළේ ද ? යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.














