2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා දින නියම කර තිබෙනවා. විභාග දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ලබන නොවැම්බර් මස දස වැනිදා සිට දෙසැම්බර් මස පස් වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බවයි. මේ අතර අද සිට ලබන ජූලි මස 21 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය මගින් විභාගය සදහා අයදුම්පත්‍ර කැඳවීම සිදු කරන බවද එම නිවේදනයේ දැක්වෙනවා. ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













