ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා මෙරට රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. සිය නිල සංචාරය නිමා කරමින් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සදහා එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා. එම පනත යටතේ දීර්ඝ කාලයක් තිස්සේ රඳවාගෙන සිටින රැදෙවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බවයි ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කළේ. මීට අමතරව සමරිසි විවාහ අපරාධයක් නොවන ලෙසට යෝජනා වන පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සම්බන්ධයෙන්ද තමන් මෙරට රජය සමගින් සාකච්ඡා කළ බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













