
වසරේ ගතවූ මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ගත වූ පැය 24ක කාලය තුළ රෝගීන් 2,604ක් වාර්තා වී ඇති බවද එම ඒකකය පෙන්වා දෙනවා.
සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් එනම් සියයට 52.50ක ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව 32,054ක් වනවා.














