
වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 87,000ට ආසන්න වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ ඊයේ දිනය වන විට රෝගීන් 86,947ක් වාර්තා වන බවයි. අගෝස්තු මාසය තුළ මේ දක්වා ඩෙංගු රෝගීන් 1,598ක් වාර්තා වී තිබෙනවා. මේ වනවිට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එය සමස්ත ඩෙංගු රෝගින්ගෙන් 21.24%ක ප්‍රතිශයක් බවයි දැක්වෙන්නේ.














