මේ මස අවසානයේදී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වීමට නියමිත G20 සමුළුව වර්ජනය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
දකුණු අප්‍රිකාව තුල සුදු ජාතිකයින් මහා පරිමාණයෙන් පීඩාවට පත්කරන බවට චෝදනා කරමින් ට්‍රම්ප් මේ බව නිවේදනය කර තිබුණා.
ලෝකයේ දැවැන්තම ආර්ථිකයන් හි නායකයින් සහභාගි වන මෙවන් දැවැන්ත සමුලුවක් දකුණු අප්‍රිකාවේ පැවැත්වීම සම්බන්ධවත් ඔහු සිය බලවත් විරෝධය එම නිවේදනය තුලින් පලකර තිබෙනවා.
කෙසේ නමුත් දකුණු අප්‍රිකානු විදෙස් කටයුතු අමාත්‍යංශය පවසන්නේ මෙම තීරණය පසුතැවිලි විය හැකි ස්වරූපයේ තීරණයක් බවයි.
එරට විපක්ෂය නියෝජනය කරන සුදු ජාතික හෝ අප්‍රිකානු කිසිදු දේශපාලන පක්ෂයක් දකුණු අප්‍රිකාව තුළ ජන සංහාරයක් සිදුවන බවට එල්ලවන චෝදනා පිළිගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහෙත් දකුණු අප්‍රිකානු රජය අවධාරණය කරන්නේ තමන් මෙම මතය කිසිසේත් පිළිනොගන්න බවයි.
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට














