ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ඊයේ(22) දින කොටගල කෝවිලේ සංස්කෘතික ශාලාවේ පැවැති එම පක්ෂයේ විශේෂ රැස්වීමකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අභියෝගයක් කර තිබෙනවා.
වතු කම්කරුවන්ට රුපියල් 400ක වැටුප ලබාදෙන බවට වූ පොරොන්දුව ඉටුකලා සේම තමන් ඊයේ(22) දින කරන අභියෝගය ක්‍රියාවට නංවා පෙන්වන ලෙයසි ජීවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ.
වතුකරයේ ජනතාවගේ සැබෑ තතු වතුකරය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා දැනුවත් නොකරන නිසා වතුකරයේ ජනතාවගේ සැබෑ තත්ත්වය ජනාධිපතිවරයා නොදන්නා බවත් එම නිසා හැකි නම් ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ නිලධාරීන් පමණක් රැගෙන වතු නිවාස පෙළකට පැමිණ ඔවුන් ගත කරන ජීවිතය පිළිබඳ සොයා බලා එහි තිබෙන අඩුපාඩුකම් පිළිබඳ වතු පාලන අධිකාරියෙන් සහ වතු සමාගමෙන් කරුණු විමසන ලෙසටයි ජීවන් තොණ්ඩමන් මහතා ජනාධිපතිවරයාට අභියෝග කර සිටියේ.
ජනාධිපතිවරයා පසුගියදා නුවරඑළියට පැමිනි අවස්ථාවේ අහම්බෙන් වතු කම්කරුවන් මුණගැසීමට පැමිණි බව මාධ්‍ය මගින් පෙන්වූවද එය සත්‍යයක් නොවන බවත් ඊට ප්‍රථම සැලසුම්කර වතු කම්කරුවන් සූදානම් කොට ජනාධිපතපිවරයා වතු කම්කරුවන් මුණගැසීමට ගිය බවයි ජීවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ.
වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජය සහ වතු සමාගම් අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම එළිදක්වන ලෙසත් එම අවබෝධතා ගිවිසුම එළිදැක්වීමට රජය කටයුතු නොකිරීම තුළින් වතු කම්කරුවන්ට වැඩි කළ වැටුප අඛණ්ඩව ලැබෙන බවට තමන්ට විශ්වාසයක් නොමැති බවත් ජීවන් තොණ්ඩමන් මහතා මෙම රැස්වීමේදී පවසා තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වැඩපිළිවෙළ තමන් අගය කරන බවත් ඔහු වටා සිටින ජාතික ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාප තරයේ හෙළා දකින බවත් ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.
වතුකරයේ ජනතාවගේ වැටුප් වැඩි කළද එම ජනතාවට වතු සමාගම් විසින් කාලයක් තිස්සේ ලබාදුන් සුභ සාධන කටයුතු කප්පාදු කර ඇති බව්ත මේ සඳහා වතු කම්කරුවන් වෘත්තීය සමිති භේදයකින් තොරව තම අයිතිවාසිකම් ලබාගැනීමට වතුකරය තුළ අරගල කළ යුතු බවයි ජීවන් තොණ්ඩමන් මහතා පවසන්නේ.
තමන් අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ සමයේ වතු කම්කරුවන් වෙනුවෙන් ඉන්දීය රජයේ සහයෝගය ඇතිව ඉදකළ නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු ඇතැම් වතුවල නතර වී ඇති බවත් එම නිවාසවල ඉතිරි වැඩ කටයුතු ඉදිකර අවසන් කිරීමට රජයේ කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා වැඩිදුරටත් කියා සිටියා.













