ඉන්දියාව සභාපතිත්වය දරණ මෙවර ජි 20 සමුළුවට සමගාමී රාජ්‍ය තාන්ත්‍රික හමු සහ රැස්වීම් මේවනවිටත් ආරම්භ වී තිබෙනවා.එවන් පසුබිමක් තුළ පකිස්තානයෙන් එල්ල වන බාධා මැඩපැවැත්වමින් ඉන්දියාව ජි 20 සමුළුවට සමගාමී හමු කිහිපයක් ජම්මු කාශ්මීරයේ පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ජි 20 සාමාජික රටවල සංස්කෘතික අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමක් ලබන මැයි මාසයේදී කාශ්මීරයේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඉන්දියාව ජි 20 සමුළුවට සමගාමී විවිධ හමු කාශ්මීරයේ පැවැත්වීම වැළැක්වීම සඳහා පකිස්තානය චීනය, තුර්කිය සහ සෞදි අරාබිය වැනි රටවලට ද බලපෑම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත රුචිරා කාම්බෝජ් පසුගියදා එම සංවිධානය හමුවේ පැවසුවේ ඉන්දියාව උතුරු කාශ්මීරයේ සිට දකුණේ කන්‍යාකුමාරි දක්වා ජි 20 සමුළුවට සමගාමීව රට පුරා රැස්වීම් 56 ක් පමණ පැවැත්වීමට සූදානමින් සිටින බවයි.
උණුසුම් පුවත්
- රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
- රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
- දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
- පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
- හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
- නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
- ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
- විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට














