
චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 400 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට ජිත්මා ශෙනාරි විජේතුංග සමත්ව තිබෙනවා. ඒ තරගය තත්පර 53.10කින් අවසන් කරමින්.
මෙය ජිත්මා විජේතුංගගේ හොඳම පෞද්ගලික තරග කාලයවීමත් විශේෂත්වයක් වනවා.














