ආපදා මරණ සංඛ්‍යාව 479ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා .
ඒ අනුව පුද්ගලයින් 350ක් තවදුරටත් අතුරුදන්ව ඇති බවයි සදහන් වන්නේ.
අයහපත් කාලගුණයෙන් පවුල් හාරලක්ෂ 48,817කට අයත් පුද්ගලයින් පහළොස් ලක්ෂ 86,329ක් පීඩාවට පත්ව සිටිනවා .
ගංවතුර හා ජල ගැල්ම හේතුවෙන් නිවාස 1 289 ක් මුළුමනින්ම විනාශ වුණා.
නිවාස 44,574 කට අර්ධ හානි සිදුව තිබෙනවා.
සුරක්ෂිත මධ්‍යස්ථාන 1 347 ක් ක්‍රියාත්මකයි.
එම මධ්‍යස්ථානවල පුද්ගලයන් එක්ලක්ෂ අසූ අට දහස් නවසිය හැත්තෑ හතර දෙනෙකු ජීවත් වනවා.
වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.
මිය ගිය පිරිස 171 දෙනෙකු වනවා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ 73 දෙනෙකු කෑගල්ල දිස්ත්‍රික්කයේ 41 දෙනෙකු හා බදුල්ල දිස්ත්‍රික්යේ 28 දෙනෙකු මිය ගියා.
වැඩිම නිවාස හානි සිදුව ඇත්තේ බදුල්ල දිස්ත්‍රිකක්යේ.
එම දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි 269ක් සිදු වූ අතර නිවාස 3896 කට අර්ධ හානි සිදුව තිබෙනවා.
අපදා හේතුවෙන් නිවාස පිරිසිදු කර ගැනීම වෙනුවෙන් රජයෙන් ලබා දෙන දීමනාව ලබා ගැනීම සදහා වහාම තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ සංවර්ධන නිලධාරී ඒ පිලිබදව දැනුවත් කල යුතු වනවා .
මේ වන විටත් මෙම රුපියල් විසි පන්දහසක දීමනාව සදහා අවශ්‍ය මුදල් දිස්ත්‍රික්ක 25 සදහාම ලබා දී ඇති බවයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සදහන් කලේ .
එහි සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා මේ බව සදහන් කලේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .













