
කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ “තිරසර නිල් ආර්ථිකයක් සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සඳහා නිරෝගී කඩොලාන පරිසරයක්” යන්නයි. ඊට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ කඩොලාන පරිසර පද්ධති 08ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්.














