
මෙරටට ගෙන්වන ලද වාහන 1025 ක් පමණ හම්බන්තොට වරායෙන් නිදහස් කරගැනීමට ආනයනකරුවෝ කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රේගු අධ්‍යක්ෂකවරයා මේ බව ප්‍රකාශ කළා. තවමත් නිදහස් කර නොමැති ආනයනික වාහන සම්බන්ධයෙන් රේගු ආඥා පනතට ප්‍රකාරව කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.














