ජන අරගල ව්‍යාපාරය විසින් පසුගියදා කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අදාළ විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් පහර දීම් සිදුකළ බවට අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අදාළ සැකකරුවන් 5 දෙනාගේ එම පෙරට්ටුව ලබන 27 වන දා කැඳවන ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේ.
එම නඩුවේ සාක්ෂිකරුවන් වන පොලිස් නිලධාරින් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බවට කළ දැනුම් දීමකට අනුව සැකකරුවන් එළඹන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.