ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
සිය ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය මෙය බවත්, ශ්‍රී ලංකාවේ ජාතික සමඟිය හා සංහිඳියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන් උනන්දුවෙන් පසු වූ බවත් පැවසූ හිටපු ජනපති තාබෝ ම්බෙකි මහතා එහිදී සදහන් කර තිබෙනවා.
දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව භූ ගෝලීය වශයෙන් දුරස්ථ වුවද, විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතින්පැවතීම හේතුවෙන් දෙරටෙහි සමානත්වයක් පවතින බවයි ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ..
ජාතීන් අතර සමඟිය වර්ධනය කිරීමටත්, රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට ගෙන යාමටත්, තමා ඇපකැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී සදහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
- බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
- ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
- දියේ ගිලී අයෙක් මරුට
- කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
- ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්














