පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවය මේ වන විට පැවැත්වෙනවා .
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
වසර 60කට පසුවයි පිටකොටුව බස් නැවතුම්පල මෙලෙස සංවර්ධනය කෙරෙන්නේ .
අන්තර් පළාත් සහ නගරාන්තර බස් පර්යන්තයක් ලෙස කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් දිනකට ගමන් වාර 1500ක් 2000ක් අතර ප්‍රමාණයක් මෙම බස් නැවතුම්පල මගින් සිදුකෙරෙනවා.
දශක ගණනාවක් පුරා නිසි අලුත්වැඩියාවක් සිදුනොකිරීම හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොලේ යටිතල පහසුකම් පද්ධති ඉතා අබලන් තත්ත්වයකට පත්ව තිබෙනවා.
ඒ හේතුවෙන් පිටකොටුව බස් නැවුතුම්පල භාවිත කරන මගී ජනතාව පත්ව සිටින්නේ දැඩි අපහසුතාවටයි.
ඒ අනුව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රුපියල් මිලියන 424ක් වැය කරමින් පිටකොටුව බස් නැවතුම්පල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අද ආරම්භ වනවා.