චීන රජය සොලමන් දූපත් රාජ්‍යයේ මාධ්‍ය ආයතන වෙත මුදල් ලබා දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, චීනයේ ප්‍රතිරූපය වර්ධනය වන අයුරින් ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම සඳහා බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සොලමන් දූපතේ එවැනි එක් සමාගමකට චීන රජය විසින් ඇමෙරිකානු ඩොලර් 130,000කට වඩා වැඩි මුදලක් ප්‍රදානය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ හරහා සොලමන් දූපත් රාජ්‍යයේ වඩාත්ම ත්‍යාගශීලී සහ විශ්වාසනීය සංවර්ධන හවුල්කරුවා ලෙස සිය රට ප්‍රවර්ධනය කර ගැනීම චීනයේ අරමුණ වී ඇතැයි ද සඳහන්.
සොලමන්ස් දූපත් රාජ්‍යය ඉකුත් දා චීනය සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා.ඒ අමෙරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේ දැඩි අවධානය මධ්‍යයේයි.
ඔවුන් පවසන්නේ එය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බවයි.
උණුසුම් පුවත්
- ඩොලරයේ අගය ඉහළට
- විමල්ට එරෙහි නඩුවට දින නියම වෙයි
- රජයට වුන තවත් පාඩුවක් හෙළිවෙයි
- සොබාධනවි ජාතික විදුලිබල පද්ධතියට
- නබිනායක තුමන්ගේ ඉගැන්වීමේ හරයෙන් සමාජයට ආදර්ශයන්-හරිනි අමරසූරිය
- ආණ්ඩුව රාජ්‍ය සේවකයින් අනාථ කරලා – සජිත්ගෙන් චෝදනා – VIDEO –
- එජාපයෙන් හදිසියේම පෙරළිකාර තීරණයක්
- ආසියානු කුසලානයේ පාකිස්ථාන – එක්සත් අරාබි ගැටුම අද