ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටළු සඳහා ලබා දිය හැකි විසඳුම් ඉදිරිපත් කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
එහිදී රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ ගැටීමක් ඇති නොවන ආකාරයට මෙම තීරණ ගන්නා ලෙසයි ඔහු උපදෙස් ලබා දී ඇත්තේ.
එමෙන්ම පවතින ගැටළු සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණීමට කටයුතු කරන ලෙසයි ඒ මහතා නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දුන්නේ.
සාගල රත්නායක මහතා මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටලු පිළිබඳව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය හා අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
උණුසුම් පුවත්
- කොහුවල වෙඩි තැබීමට සැකපිට අයෙක් අල්ලයි
- රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි
- රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
- ජූනි මාසයේ නිල සංචිත වත්කම් පහළට
- ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
- එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
- පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්
- දියවැලට අසුවූ සිව් දෙනෙක්ගේ දිවි රැකෙද්දි වාකරේදී දරුවන් තිදෙනෙක් දිය රකුසාට බිළි