
කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය සේවාව අද සිට ආරම්භ කර තිබෙනවා.
මෙම දුම්රිය සේවාවෙහි අපේක්ෂාව වන්නේ, යාපනය අර්ධද්වීපය හා කොළඹ අතර ගමනාගමනය තවදුරටත් පහසු කිරීමයි.
උතුරු දුම්රිය මාර්ගයේ සේවා වර්ධනය කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස එය ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.














