Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය
    • සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර
    • දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
    • නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
    • හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්
    • 22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොල්ලයක් සිදු කිරීමට ගිය ව්‍යාජ පිස්තෝල කල්ලියක් මාට්ටුවෙයි

    කොල්ලයක් සිදු කිරීමට ගිය ව්‍යාජ පිස්තෝල කල්ලියක් මාට්ටුවෙයි

    2023-12-11කියවීමට මිනිත්තු 2ක් ගතවේ.72 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සෙල්ලම් පිස්තෝලයකින් සෙල්ලම් දැමීමට සැරසුනු ව්‍යාජ යුධහමුදා නිල හැඳුනුම්පත් සමග පුද්ගලයන් සිව් දෙනෙකු සහ ඔවුන් මංකොල්ල කෑමට සැරසුනු ත්‍රීරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කළ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු හෙරොයින් සහ මුදලින් රුපියල් කෝටියක් සමග විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ අඹතලේ සේදවත්ත මාර්ගයේ නව කැලණි ගුවන් පාලම යටදී සිදු කරන ලද වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කළ බවයි.

    එහි දී සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිළධාරීන් සේදවත්ත, තොටළඟ ප්‍රදේශයේ යතුරුපැදි සංචාර යෙදීසිටියදී සැකකටයුතු යතුරුපැදි දෙකක් පරික්ෂාවට ලක් කර තිබෙනවා.

    එහිදී එහි සිටි එක් පුද්ගලයකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 07යි මිලි ග්‍රෑම් 370 ක් සහ ප්ලාස්ටික් පිස්තෝල අවියක්, විශේෂ බලකායේ නිළ ලංජනය සහිත සැකකරුගේ මුලකුරු සමග නම, ලේ වර්ගය සඳහන් කර ඇති සුදු පැහැති තහඩු කැබැල්ලක් අමුණා ඇති මාලයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා.

    එසේම අදාළ පුද්ගලයාගේ ජංගම දුරකථනය පරික්ෂා කිරිමේ දී ව්‍යාජ හැඳුනුම්පත් ජායාරූප හා විවිධ ආරක්ෂක අංශයන්හි නිළ ඇඳුමින් ඇති ජායාරූප සඳහා එම පුද්ගලයාගේ මුහුණ ඇතුලත් කර තිබූ බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

    සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරිමේදී ත්‍රිරෝද රථයක් මංකොල්ල කෑමට සුදානම්න් සිටින බවත් එම රථයේ විශාල මුදල් ප්‍රමාණයක් හා හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරනු ලබන බවටත් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබෙනවා.

    එම තොරතුරුවලට අනුව තොටළඟ නාගලගම් වීදියේදී ත්‍රිරෝද රථයකින් රියදුරු සමග කාන්තාවක් පැමිණ ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය ඇය සහ ත්‍රිරෝද රථය පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

    එම කාන්තාව සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 06යි මිලි ග්‍රෑම් 497 ක් හා රුපියල් කෝටියකට ආසන්න මුදල් සමග ඉහත සඳහන් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රැන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

    මොවුන් වයස අවුරුදු 26 – 43 අතර වයසේ පසුවන කල්එළිය, වැල්ලම්පිටිය, උස්වැටකෙයියාව, කොළඹ 14 සහ රත්මලාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට තොරතුරු අණාවරණය වී ඇති බවද පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියා.

    විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි, අධ්‍යක්ෂ විශේෂ අවි හා උපක්‍රම/සංග්‍රාමික යතුරුපැදි ඒකකයේ පොලිස් අධිකාරී ආර්.පී.කේ.ඩී රත්නවීර මහතාගේ මග පෙන්වීම මත විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කඳවුරට අනුයුක්තව දිවයිනේ සිදුවන මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හේතුවෙන් රාජකාරී යොදවා ඇති විශේෂ කාර්ය බලකායේ ආරක්ෂක සැලැස්මට අනුව ෘ කලාප කණ්ඩායමේ පොලිස් පරික්ෂක ඒම්.ඩි.ටි. මඩපාත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සෝදිසි මෙහෙයුම සිදුකර තිබෙනවා.

    පෙර පුව​තඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් වෘත්තිය සමිති 27 ක් සේවයෙන් ඉවතට
    ඊළඟ පුව​ත මගේ කතාවට මෙයාලට උණ ගැනිලා – හමුදාව ඉවත් කළේ ඒකයි

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්

    22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group