පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මත හතරක් නොදරමින් එක මතයකට පැමිණ කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සිව්දෙනාට දැනුම් දී තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සිව්දෙනා ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නීතිපති සංජය රාජරත්නම්, අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරිල් පුල්ලේ, මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයින් සිව් දෙනෙකු සහභාගී වුණා.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මත හතරක් දැරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසූයේ කොමිසමේ නිදහස කොමිසමට බාර දී ඇති අතර බහුතර ඒකමතික මතයකට පැමිණ තීරණයක් ගන්නා ලෙසයි.
මැතිවරණ කොමිසමට ස්වාධීනව කටයුතු කිරීමට කිසිදු බාධාවක් නොමැති බව කී ජනාධිපතිවරයා කොමිසමට අවශ්‍ය නම් නීතිපතිගෙන් ලිඛිත උපදෙස් ලබා ගන්නා ලෙසද දැනුම් දී දුන්නා.
නීතිපති දෙපාර්තමේන්තුව අදාල නීති සහයෝගය ලබාදෙනු ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
එහිදී අදහස් දක්වමින් නීතිපතිවරයා පැවසූයේ මැතිවරණ කොමිසමේ කටයුතු පිළිබද යම් නීති ගැටලුවක් ඇතොත් සෘජුවම තමාගෙන් ඒ පිළිබඳව විමසන ලෙසයි.
උණුසුම් පුවත්
- රොක් ඇල්ලේ ගින්න පාලනය කරයි.
- පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට
- නිශ්පාදන ආර්ථිකයට වැඩි අවධානයක්
- 2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග මුදල් පිළිබද තොරතුරු එලියට
- ලක්ෂ 2ක අල්ලසක් ගත් PHI අත්අඩංගුවට
- පිළිස්සී ගිය පුද්ගල මළ සිරුරක් හමුවෙයි
- පාරිසරික ගැටළුවලට විසදුම් සෙවීමට නව දුරකථන අංකයක්
- එළවලු මිල ඉහළට