
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද අලුයම විවෘත කර තිබෙනවා. ජලාශය භාර ඉංජිනේරුවරුන් පවසන්නේ වර්ෂාව තවදුරත් පැවතියහොත් සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බවයි. එබැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන්ට සැලකිල්ලෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.














