අමෙරිකානු ජනාධිපතිවරයා සහ මෙක්සිකානු සහ කැනඩාවේ ජනාධිපතිවරුන් සමග කළ සාකච්ඡාවකින් අනතුරුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝව සහ කැනඩාව වෙත පනවා තිබූ අධික තීරුබදු දින 30 කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ දේශසීමා ආරක්ෂාව වැඩි දියුණු කිරීම මෙන්ම නීති විරෝධී සංක්‍රමණයට එරෙහිව සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට පියවර ගැනීමට අදාළ රටවල් එකඟවීමෙන් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බවයි.
එමෙන්ම දේශසීමා ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් දහස් ගණන් යොමු කිරීමට ද මෙහිදී අවධානය යොමුව ඇති බවත් එම වාර්තා සඳහන් කර තිබෙනවා.