ක්‍රිකට් පිටියට අලුත් වාර්තාවක් එක්කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් එකට ක්‍රීඩාකළ පළමු පිය-පුතු යුගලය බවට ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ක්‍රීඩකයන් දෙපළක් පත්ව තිබෙනවා.
ඉන්දුනීසියාවේ බාලි දූපත්හිදී පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දුනීසියාවට එරෙහිව ඊයේ පැවති තරගයේ දී ඔවුන් මෙම වාර්තාව පිහිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දුනීසියාව, මියන්මාරය හා ටිමෝර්-ලෙස්ටේ යන රටවල් අතර මෙම තරගාවලිය පවත්වනු ලබනවා.
මෙලෙස ක්‍රීඩාකර ඇත්තේ මොහොමඩ් සුහයිල් සත්තාර් (හා ඔහුගේ පුත්‍රයා වන යායා සුහයිල් නම් පිය-පුතු යුවලයි.
කෙසේ නමුත් මෙම තරගයේ දී ටිමෝර්-ලෙස්ටේ රාජ්‍ය කඩුලු 10ක දැවැන්ත පරාජයක් ලැබුවා.
එහිදී සුහයිල් පියා ලකුණු 14කට දැවී ගිය අතර, සුහයිල් පුත්‍රයා එක් ලකුණකට දැවී ගියා.
උණුසුම් පුවත්
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- හදිසියේම මන්නාරම දිස්ත්‍රික්කය තුල තහනමක් ?
- ආධාර අරගෙන ඉන්දියාවෙන් 08 වැනි යානයත් එයි !
- ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක් – VIDEO –
- ආපදාවට පත් පිරිසට දිගු කාලින විසදුම් ලබා දිය යුතුයි – ජනපති
- රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
- අයහපත් කාලගුණයෙන් ඉන්දුනීසියාවේ මරණ 700 ඉක්මවයි
- ආපදා තත්ත්වයෙන් රට ගොඩගැනීමට රජය ඇප කැප වනවා – බුද්ධශාසන නියෝජ්‍ය ඇමති කියයි













