කටාර් හි අගනුවර වන දෝහා අසල පිපිරීම් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ, එක්සත් ජනපදය, කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුර අසල මෙම පිපිරීම් හඩ ඇසුණු බවයි. මේ අතර ඉරානයේ ඉස්ලාමීය ආරක්ෂක බළකාය පවසා ඇත්තේ, කටාර්හි අමෙරිකානු අල් උඩෙයිඩ් ගුවන් කඳවුර ඉලක්ක කර ගනිමින් පළි ගැනීමේ මිසයිල ප්‍රහාරයක් දියත් කළ බවයි. තවද ඉරාකයේ අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද ඉරානයේ තස්නීම් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබෙනවා. මේ අතර කටාර් එයාර්වේස් ගුවන් සමාගම සිය ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම තීරණය කළා. එමෙන්ම බලපෑමට ලක් වූ ඕනෑම මගියෙකුට සහාය වීම සඳහා අදාළ බලධාරීන් සමඟ සමීපව කටයුතු කර බවද එම සමාගම දැනුම් දෙනවා. කෙසේ වෙතත් ගුවන් අවකාශය නැවත විවෘත කරණ අවස්ථාවකදී මෙහෙයුම් යළිත් ආරම්භ කර බවයි කටාර් එයාර්වේස් සමාගම පවසන්නේ. මේ අතර මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව කටාර් එයාර්වේස් සමාගමේ ඉහළම ප්‍රමුඛතාවය ලෙස සලකන බවද එම සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
- ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
- ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
- කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
- අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට
- නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
- විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
- පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට














