ඔන්ලයින් ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද (15) සිට ආරම්භ කෙරෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි.
හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී මෙම උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අයදුම් කරන්නන් සඳහා ඔවුන්ගේ ඇගිලි සලකුණු ප්‍රාදේශිය කාර්යාල තුළ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාල මගින් සිදුකර ගත හැකියි.
කෙසේවෙතත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ද මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළා.
උණුසුම් පුවත්
- ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්
- සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
- කැන්ටබරියේ අගරදගුරු තනතුර කාන්තාවකට
- සවස් කාලයේ වැසි
- එක්සත් ජනපදයට අයත් නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි
- බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට
- ජාතික විගණන කාර්යාලයෙන් විශේෂ හෙළිදරව්වක් !
- බේරේ වැවෙන් කටුනායකට ගුවන් සේවයක් – VIDEO –