
කාන්තා 20 යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට එංගලන්ත
කාන්තා කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකානු කාන්තා
කණ්ඩායම ලකුණු 40 කින් පරාජය පත් කරමින්.
ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන්
එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු
169 ක් රැස් කළා.
නායිකා නැට් ස්කයිවර්-බ්‍රන්ට් පන්දු 47 කින් හතරේ පහර 11 ක් සහ එක් හයේ
පහරක් සමඟ නොදැවී ලකුණු 75 ක් රැස් කළ අතර හෙදර් නයිට් ලකුණු 58 ක්
රැස් කළාය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු
8 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 129 ක් පමණයි.
ටස්මින් බ්‍රිටිස් ලකුණු 51 ක් රැස් කළ අතර, නායිකා ලෝරා වොල්වාර්ඩ්ට් ලකුණු 17
ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ලෝරන් බෙල් සහ චාලි ඩීන් කඩුලු දෙක බැගින් දවා ගත් අතර,
ලින්සි ස්මිත් එක් කඩුල්ලක් දවා ගත්තා.














