දිවයිනේ මේ වනවිට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල ගැලීම් ඇතුළු ආපදා රැසක් වාර්තා වෙනවා.
ආපදාවන්ට ලක්වූ ප්‍රදේශයන්හි මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දෙන අපේක්ෂකයින්ට තමන්ට අදාල විභාග මධ්‍යස්ථානය වෙත වාර්තා කිරීමේ යම් අපහසුතාවයක් පවතින්නේනම් තමන්ට ළඟම පවතින විභාග මධ්‍යස්ථානය කරා යොමුවන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
විකල්ප විභාග මධ්‍යස්ථාන පිහිටුවීමේ අවශ්‍යතාවයක් පවතිනේනම් ඒ සඳහාද කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.