නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අමෙරිකාවට පැමිණෙන බව ඇසීමෙන් තමන් ඉතා උද්යෝගයට පත් වූ බව ඉන්දියාවේ අමෙරිකානු තානාපති එරික් ගාර්සෙටි පවසනවා.
මෙම වසර තුළ කළ හැකි දේ සම්බන්ධයෙන් දෙරට අතර පොරොන්දු රැසක් ඇති බවයි ඔහු පැවසුවේ.
75 වසරක ඉතිහාසය තුලදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු අමෙරිකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන 03 වන අවස්ථාව මෙය වන බව ද ඔහු සඳහන් කළා.
ඉදිරියේදී කුමක් ද කළ හැක්කේ යන්න සම්බන්ධයෙන් දෙපාර්ශවයටම සුබවාදී බලාපොරොත්තු ඇති බවයි ඉන්දියාවේ අමෙරිකානු තානාපතිවරයා සඳහන් කළේ.
වෙළඳ, සංචාරක වීසා ඇතුළු සේවා ඔස්සේ ඉදිරි වසර 50 ක කාලයක් සඳහා වුව ද ඉන්දු අමෙරිකානු සබඳතා ඉදිරියට ගෙන යා හැකි බවයි ඔහු සඳහන් කළේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජූනි මස 22 වනදා රාජ්‍ය සංචාරයක් සඳහා අමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- රජයේ වැඩපිළිවෙල ගැන විපක්ෂනායකගෙන් ප්‍රකාශයක්
- ස්පාඤ්ඤයේ සහ එංගලන්තෙයේ අධික උණුසුමක්
- E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ළඟදීම
- ආදිවාසී ප්‍රජාව සඳහා මැතිවරණ ඊ සේවා හඳුන්වාදෙයි
- NLDB දියරකිරි නිෂ්පාදනය යළිත් අරඹයි
- බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග සංවර්ධනය ඇරඹෙයි
- ආසන පටි නිතිය අලුත් නීතියක් නොවෙයි – මෝටර් රථ කොමසාරිස් කියයි
- ජපානයට අමෙරිකාවෙන් තර්ජන