ඉන්දියාව සමග වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට අමෙරිකාව සුදානම වනවා. ඉන්දියාව සහ අමෙරිකාව අතර ආයෝජන ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා සිදු කර තිබෙනවා.ඒ අමෙරිකානු වාණිජ ලේකම්වරියගේ ඉන්දිය සංචාරය අතරතුරදීයි.
දෙරටේ පුද්ගලික ආයෝජන දිරිගැන්වීම හා දෙරට අතර වෙළඳ කටයුතු සම්බන්ධයෙන් නව අවබෝධතා ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් ද අමෙරිකානු වාණිජ ලේකම්වරියගේ ඉන්දීය සංචාරයේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් ව තිබෙනවා.
එමෙන්ම අමෙරිකානු වාණිජ ලේකම්වරිය සිය ඉන්දියානු සංචාරය සඳහා පැමිණ තිබුණේ අමෙරිකාවේ ඉහළ පෙළේ සමාගම් 10 ක ප්රධාන විධායක නිලධාරීන් සමග වීම විශේෂත්වයක්.
තාක්ෂණික උපකරණ වෙළඳපල වෙත කෙරෙන සැපයුම් ඉහළ නැංවීම සහ ගෝලීය සැපයුම් ජාලයේ ප්රමුඛ හවුල්කරුවන් වීම අමෙරිකාවේ සහ ඉන්දියාවේ අපේක්ෂාවයි.
උණුසුම් පුවත්
- ගාසා තීරයේ සටන් විරාමයකට එකඟ වෙයි
- A-9 මාර්ගයේ කොටසක් ජලයෙන් යටවෙයි – රියදුරන්ට දැනුම්දීමක්
- නායයාමේ අවදානම් නිවේදන දීර්ඝ වෙයි
- පොලී අනුපාත ගැන මහ බැංකුවෙන් තීරණයක්
- කාලගුණ ආපදා දැනුම්දිය හැකි දුරකථන අංක
- වායු දූෂණය නිසා වැසුණු දිල්ලියේ පාසල් යළි ඇරෙයි
- “අර්චුනාට පැමිණිලි ආවෙ නෑ.” – කතානායක
- නව පක්ෂ ලියාපදිංචිය අවහිර වී ඇති බවට චෝදනාවක්