එක්සත් ජාතීන්ගේ ආරක්ෂ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ඉන්දියාවට සහයෝගය ලබාදෙන බවට අමෙරිකාව යළිත් අවධාරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු රාජ්‍ය සංචාරයේදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඒ බව තහවුරු කර ඇති බවයි.
එමෙන්ම න්‍යෂ්ටික සැපයුම්කරුවන්ගේ කණ්ඩායමේ සාමාජිකත්වය සඳහා ද ඉන්දියාවට සහය ලබාදෙන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා නැවත තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
එමෙන්ම නායකයින් දෙපළ විසින් නිදහස්, විවෘත, සාමකාමී සහ සමෘද්ධිමත් ඉන්දිය -පැසිෆික් කලාපයක් සඳහා ඔවුන්ගේ කැපවීම ද අවධාරණය කර ඇතැයි සඳහන්.
එම කලාපය වෙත සිදුකරන බලහත්කාර මැදිහත්වීම් සහ ආතතීන් පිළිබඳව කනස්සල්ල පළ කළ ඉන්දු – අමෙරිකානු නායකයින් කලාපයේ පවතින තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කරන ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගවලට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන කිසියම් රටකට චෝදනා කළේ ද යන්න වාර්තා වී නැහැ.
උණුසුම් පුවත්
- ටී56 වර්ගයේ ගිනිඅවියක් සමග සැකකරුවෙක් පොලිස් දැලේ
- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
- ගාල්ල මහ නගර සභාවෙත් අයවැය පරාදයි
- රන්වල මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග දෝෂයක් බවට අනාවරණයක්
- පාකිස්තාන රජයෙන් මානුෂීය අධාර තොගයක්
- අධිකරණයෙන් ජිමී ලායි වරදකරු වෙයි
- පීඩාකාරී ලෙස යතුරුපැදි පැද වූ 13ක් රිමාන්ඩ්
- කාත්තන්කුඩි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්













