ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබෙනවා.
මෙම අනතුරින් මගීන් 130කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය කිහිපයක් තොරතුරු අනාවරණය කර තිබෙනවා.
කෙසේවෙතත් අනතුරෙන් මියගිය මගීන් ගණන මේ වනතෙක් කිසිඳු ඉන්දීය මාධ්‍යයක් නිශ්චිතව ප්‍රකාශයට පත්කර නැහැ
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් ගතවීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
යානය ගුවන්ගත වී තත්පර කිහිපයකට අඩි 625 ක් පමණ ඉහළ දී යානයෙන් අවසන් සංඥාව ලැබී තිබෙනවා.
‘එයාර් ඉන්දියා‘ ගුවන් සේවයට අයත් යානයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 240කට වැඩි පිරිසක් සිට ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- චීනයේ පෙර පාසලක ළමයින් 233ක් රෝහලේ
- රේගු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමට ජානධිපතිගේ විශේෂ අවධානය
- හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී පාසල් සිසුවෙක් අතුරුදන්
- පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි
- සිකුරාදාට පාර්ලිමේන්තුවේ ශෝක යෝජනා විවාදයක්
- කෙන්යානු රජයට එරෙහි විරෝධතා අතරතුර එකොළොස් දෙනෙකු ජිවිතක්ෂයට
- කඳානේ වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක හතරකට වැසි වාර කිහිපයක්