Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    2026-09-01

    නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට

    2026-09-01

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට
    • නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි
    • වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්
    • පයාගල වෙඩි තැබීමේ තුවාලකරු ජීවිතක්ෂයට
    • එල් නීනෝ සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක්
    • නේපාලයේ මිය ගිල ගණන ඉහළට
    • 22 සම්බන්ධයෙන් පෙත්සම් කැදවීම අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    මහින්දානන්ද නඩුවේ සැඟවුණු පැත්ත ශ්‍රේෂ්ඨාධිකරණයේදී හෙලිවෙයි ?
    2026-03-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1,009 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවමකට යටත් කරන ලද හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් එම දඬුවම්වලට එරෙහිව ගොනු කර ඇති අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (10) දෙවන දිනටත් විභාගයට ගැනිණි.

    අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, අර්ජුන ඔබේසේකර, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්විණි.

    මෙම අභියාචනා විභාගයේදී විත්තිකාර අභියාචකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන අලි සබ්‍රි සහ රොමේෂ් ද සිල්වා යන මහත්වරුන් විසින් නඩුවේ තීරණාත්මක කරුණු කිහිපයක් අධිකරණය හමුවේ මතු කරන ලදී.

    මෙහිදී ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මතු කළ ප්‍රධාන කරුණක් වූයේ, මුල් නඩු විභාගයේදී සතොස ප්‍රසම්පාදන කමිටුව විසින් ගනු ලැබූ තීරණයකට අනුව භාණ්ඩ ආනයනය කර තිබියදී, එම කාර්ය පටිපාටියට අදාළ වැදගත් කරුණු හෝ සාක්ෂිකරුවන් කැඳවීම අල්ලස් කොමිසම විසින් සිතාමතාම මඟහැර ඇති බවයි.

    මෙය නඩුවේ ක්‍රියාදාමයේ ගිලිහී ගිය වැදගත් පුරුකක් බවත්, එය ඔප්පු කිරීමකින් තොරව මෙම චෝදනා පවත්වාගෙන යා නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.

    එසේම, මෙම නඩුවට අදාළ සාක්ෂි මෙහෙයවීමක් සිදු නොවූ බවත්, ඒ වෙනුවට මුල් සිටම දේශපාලන අවශ්‍යතා මත එවකට අමාත්‍යවරයෙකු වන 2 වන විත්තිකාර-අභියාචක සහ එවකට සතොස ආයතනයේ සභාපතිව සිටි 1 වන විත්තිකාර-අභියාචක ඉලක්ක කර ගනිමින් විමර්ශනය දියත් කර ඇති බවත් නීතිඥවරුන් අධිකරණයට තහවුරු කළේය.

    ඉන් අනතුරුව කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා , අල්ලස් කොමිසම ගොනු කළ අධිචෝදනා පත්‍රයේ එල්ල කර තිබූ “අනුබල දීම” චෝදනාවෙන් නිදොස් වීම මත, “කුමන්ත්‍රණය” චෝදනාවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැරදිකරු කිරීම නීතිවිරෝධී බව පෙන්වා දුන්නේය.

    එමෙන්ම අල්ලස් පනත යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ “කුමන්ත්‍රණ” චෝදනා ගොනු කිරීම නීතිවිරෝධී සහ බල ශූන්‍ය බවටද තර්ක කළේය.

    තවද ප්‍රශ්නගත ක්‍රීඩා භාණ්ඩ ආනයනය හරහා රජයට පාඩුවක් සිදුවූ බව ඔප්පු කර නොමැති බවත්, සතොස පුද්ගලික ආයතනයක් ලෙස සංස්ථාගතව තිබීම නිසා එහි සිදුවන පාඩුවක් නීතිමය වශයෙන් රජයට සිදු වූ පාඩුවක් ලෙස සැලකිය නොහැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.

    එසේම භාණ්ඩ කිසිසේත් ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබී නොමැති බවත්, ඒවා ගබඩා භාරකරු විසින් කැළණිය, මාබෝල ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන ගොස් ඇති බවත් පෙන්වා දුන්නේය.

    තවද, ප්‍රසම්පාදන කමිටු සාක්ෂිකරුවන් ඇතුළු අත්‍යවශ්‍ය සාක්ෂිකරුවන් හත් දෙනෙකු පැමිණිල්ල විසින් සාක්ෂියට කැඳවා නොමැති බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ නඩු විභාගය සම්බන්ධ මතවාද ගොඩනගමින් නඩු කථනය මෙහෙයවීම අතිශය නුසුදුසු ක්‍රියාවක් බවත් විවේචනයට ලක් කළේය.

    පෙර පුව​තසිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි
    ඊළඟ පුව​ත වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    සබැ​ඳි පුවත්

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්

    පයාගල වෙඩි තැබීමේ තුවාලකරු ජීවිතක්ෂයට

    එල් නීනෝ සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    2026-09-01

    නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට

    2026-09-01

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    2026-09-01

    වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group