අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
අම්බලන්ගොඩ, ගලගොඩ, සුනාමිවත්ත ප්‍රදේශයේ නිවසක පැවැති සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
පොලිසිය පවසන්නේ නිවස ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයක සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.













