මසකට ආසන්න කාලයක් පුරා පවතින වැසි කාළගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජල විදුලිබලාගාර ජලශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේල මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම අද පෙරවරුව වන විට පිටාර මට්ටමට පැමිණ ඇති බවයි.
ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන විදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති කැනියොන් විමලසුරේන්ද්‍ර ලක්ෂපාන නව ලක්ෂපාන පොල්පිටිය හා බ්‍රෝඩ්ලන්ඩ් යන විදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වලින්.