අකුරේගොඩ ප්රදේශයේදී නීතිවරයෙක් සහ ඔහුගේ බිරිය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට වෙඩික්කරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
එසේම ප්රහාරයට පෙර වෙඩික්කරුවෙක් පන්නිපිටියේ නවාතැන්පොළට රැගෙන ආ බව කියන පුද්ගලයෙකු තායිලන්තය වෙත පළාගොස් ඇති බවට වාර්තා වනවා.
කරන්දෙණියේ සුද්දා නමැත්තාගේ සමීපතකමෙයක් බව කියන කහදූව ප්රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු මෙම ඝාතනය මෙහෙයවා ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
එලෙස පළාගිය පුද්ගලයා ගුවන් තොටුපොළ වෙල රැගෙන යාමට කුළී පදනම මහතට ලබාගත් මෝටර් රථය සහ වෙඩික්කරු ප්රවාහනය කළ මෝටර් රථය අපරාධ විමර්ශන කොට්ඨාසය බාරයට ගෙන ඇති බවද වාර්තා වනාව.














