ශ්‍රී ලංකාවට පත්ව සිටින නව විදේශ තානාපතිවරු පස් දෙනෙකු සහ මහ කොමසාරිස්වරයෙකු අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු වරට කසකස්ථානයේ තානාපතිවරයෙකුද අක්තපත්‍ර භාර දීම විශේෂත්වයක් වනවා.
ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරෙන කසකස්තාන ජනරජයේ තානාපති කාර්යාලයට අදාළ තානාපතිවරයා ලෙස පත්ව ඇත්තේ සර්ගෙයි වික්ටරොව් මහතායි.
ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයක් විවෘත කළ පළමු මධ්‍යම ආසියානු රට වන්නේද කසකස්තානයයි.
අලෙම් වෝල්ඩෙමරියම් මහතා නවදිල්ලියේ නේවාසික එරිත්‍රියා රාජ්‍යයේ තානාපති ලෙසත් ජග්න්නාත් සාමි මහතා නවදිල්ලියේ නේවාසික ෆිජි ජනරජයේ මහ කොමසාරිස් අක්තපත්‍ර භාර දී තිබෙනවා.
උස්බෙකිස්තාන ජනරජයේ තානාපති ලෙස අක්තපත්‍ර භාර දී ඇත්තේ ඉස්ලාමාබාද්හි නේවාසික අලිෂෙර් ටුක්ටායෙව් මහතායි.
ඩාෂෝ කර්මා හාමු ඩෝර්ජී මහත්මිය ඩකා නගරයේ නේවාසික භූතාන රාජධානියේ තානාපති ලෙස අක්ත පත්‍ර භාර දී තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියා.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














